මට මතක ඇති පොඩි කාලේ ඉඳලම මට තිබුනේ කාර් පිස්සුව. පොඩි කාලේ අකුරු ලියන්නත් කලින් අහුවෙන කොලවල කාර් බස් වෑන් ඇඳපු එක පස්සේ කාඩ්බෝඩ් මොඩල් හදන්න තරම් දියුණු වුනා. අම්මලාගේ වාසනාවට මම වැඩියෙන්ම සෙල්ලම් කලේ මම ම හදාගත්ත සෙල්ලම් වාහන එක්ක.
පොඩි කාලේ ඉඳලම අපේ ගෙදර වාහනයක් එක්ක බයික් එකකුත් තිබුනා වුනත් බයික් උණ මට වැලඳුනේ නෑ. පොඩි කාලෙම පොඩ්ඩ පොඩ්ඩ පදින්නත් ඉගෙන ගත්තත් මට උණ තිබුනේ රෝද හතරට ම තමයි.
ඔහෙන් මෙහෙන් ගිහින් මේ කොලු රත්නේ හෙමීට අප්පච්චිගේ කාර් එකට ආලවන්ත වෙලා දැන් හෙමීට කටවචනෙට ඔප්පු උස්සලා ලු. අප්පච්චිත් ආදරේට ඔහේ ඉන්නවලු... එයත් එසේමැයි.
මම පොඩිම කාලේ තිබුණු යමහා මෙට් බයික් එකෙන් පස්සේ එකදාස් නවසිය බරගනන් වල ඉඳල අද වෙනකම්ම අපේ ගෙදරට ගෙනාවේ හොන්ඩා බයික් තමයි. මොකක් හරි එකකට ඒ ඩී.එන්.ඒ. එක අප්පච්චිගේ නහරවලටත්, ජන්මෙන් පුතණ්ඩියා ටත් ආවා කියමුකෝ. මම ම පාවිච්චි කරපු මුල්ම බයික් එක වුනේ මගේ අම්මගේ හොන්ඩා සී50 ලිට්ල්කබ් එක. (ආ ඔව්, කොලු බයික් නොවුනත් අපේ අම්මාට ඉස්සර ඉඳන් හොඳට දුර බයික් පදින්න පුළුවන්) ඒක ලංකාවේ ගොඩක් අඩුවෙන් තියෙන බයික් එකක්. තැපැල් 90ය ට බොඩිකිට් එකක් දාල වගේ හුරුබුහුටි හුරතල් පෙනුමක් ඒකට තිබුනේ.
ජපනා ගේ තවත් බොහොම හොඳ කාර්යභාවිත (functional) බයික් එකක් තමයි මේක. තනි රයිඩර් ට ඉස්සරහ කූඩෙත්, පස්සේ ලගේජ් එකෙත් අවශ්‍ය බඩු දාගෙන බොහොම පහසුවට ගමනක් යන්න පුළුවන් සරල බයික් එකක්. හැබැයි බර අදිනවට වඩා ගමන් පහසුවට හදපු එකක් නිසා වෙන්නැති 50CC කාණ්ඩයේ අනිත් බයික් වගේ 3ක් නෙවෙයි මේකේ ගියර් 4ක් තිබුනා. ක්ලච් නෑ. මට ඉතින් මේක අර මොකාටද මොකක්ද එක හම්බුනා වගේ. හනුමා නැට්ට පත්තු කරන් දිව්වා වගේ තමයි මම මේකෙන් කැම්පස් සහ අනිත් ගමන් බිමන් ගියේ. මීටරේ 70ට තියෙන්නේ, හරියට ගියර් දැම්මොත් 75ට යන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ්නිව් ගත්ත බයික් එක ඒ වගේම පරිස්සමට ලස්සනට තියාගත්තා.
මගේ යාලුවන්ට, විශේෂයෙන්ම කෙල්ලන්ට හරිම ප්‍රශ්නයක් වුනා මම FZ, RTR, Pulsar වගේ කොලු බයික් එකක් නොගෙන පොඩි බෝට්ටුවක් වගේ මේකක් පදින එක. එත් මේකේ රහ දන්න මට ඒ කතා සත පහකට ගණන් වුනේ නෑ. හැබැයි අපේ රටේ ආගන්තුක මේ බයික් එක හැමතැනම කැපිල පෙනුනා. ජපන් බයික් වල ගුණ දන්න මිනිස්සු පාරේදී දැකලා "විකුනන්නේ නැද්ද මල්ලි?" යි අහපු වාර අනන්තයි. ගෙවල් ලගම මේවා සර්විස් කරන බයික් ඔස්තාර් කෙනෙකුත් හිටපු නිසා "සියල්ලෝ සතුටින් සිටියහ" වුනා.
මේ පුංචි කන්ථකයාට කණකොකා ඇඩුවේ දවසක් වෙච්ච අනතුරකින්. හෙන හැපියෙන් පාඩුවේ ගිය මගේ මුණට හදිස්සියේ අවාරේ අඹගෙඩියක් ඔලුවට වැටුන වගේ ගවයෙක් තව බයික් එකක් පැදගෙන ආවේ මට ඇපත් නැතිවෙන්න. වැරදි පැත්තෙන් ඇවිත් මිනිහ මගේ බයික් එකේ මූනෙම වදුනම බයික් දෙකම ඇඹරිලා මම කටුනායකට බාන ප්ලේන් එකක් වගේ උඩින් ගිහින් හොම්බෙන් හෑන්ඩ්බ්රේක් ගහල නැවතුනේ මහ පාරේ හතරගාතෙන්. ලොකු කතාව පොඩි කරලා කිව්වත් කියන්න තියෙන්නේ කොච්චර උත්සාහ කරත් ඉස්සරහ නැවිල ඇඹරිලා තිබුන ඒක ආපහු ඔරිජිනල් තත්වෙටම ගන්න බැරිවුනා කියන එකයි. සෑහෙන සාධාරණයක් අපි කරත් ඉස්සරට වඩා වෙනසක් අඩුවක් තිබුනා. වැඩියත්ම එහෙම තෙරෙද්දී පාවිච්චි කරන්න දුක නිසාම ඒපාර දුකින් වුනත් මම එක අවුරුදු 7කට පස්සේ විකුණුවා.
කාලේ දේසේ අලුත් නිසාම අපිත් අලුත් වෙන්න ඕනා කියලා ඒ පාර මම ගත්තා හොන්ඩා ඩියෝ 110 එකක්. ගත්තා කිව්වට අප්පච්චි මට බ්‍රෑන්ඩ්නිව් අරන් දුන්නේ මගේ උපන්දිනේට. යන්තම් රස්සාවක් පටන් අරන් මටම කීයක් හරි හොයාගන්න කාලේ, මගේ නමට රෙජිස්ටර් වුන, මම ලයිසන් ඉන්ෂුවරන්ස් ගෙවාගෙන දුවන නිසා ඒ බයික් එකත් එක්ක මට බොහොම ඉක්මනට මගේම සහෝදර හැඟීමක් ඇතිවුනා. නට් එකේ ඉදලා හෝදලා, පිහදාලා වැක්ස්සුත් කරලා මම ඒක මගේ කාර් එක වගේම රෙස්පෙක්ට් එකට තියාගත්තා. හැබැයි එහෙම වුනත් මම බයික් එකට කොච්චර ලවු වුනත් මගේ ජම්ම බැඳීම ඒත් තිබුනේ කාර් ඒකත් එක්ක. අනිත් එක ඒ ගානට තාරුණ්‍යයේ ජවය එන බයික් එකක් ගන්න පුළුවන් වුනත් අපි ස්කූටර් එකක් ගත්තේ මගේ අම්මටත් පදින්න එක්ක. ඒත් අවුරුද්දක් විතර යද්දී අම්මා කොහොමත් බයික් පදින එක නතර කළා. මමම විතරක් කාලයක් පාවිච්චි කරද්දී තමයි නොනවතින ඩ්‍රයිවින් උණ තියෙන මට මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තේ.
ඩියෝ එකේ මට නම් කියන්න කිසිම අවුලක් නැති වුනත් සුවපහසු වැඩි කමටම මට නිකම් කම්මැළි වගේ දැනුනා ඒක පදිද්දී. ක්ලච් ගියර් කිසි දෙයක් නැති නිසා. දැන් අම්මත් පදින්නේ නැති එකේ එහෙම බයික් එකක් ගන්නවදෝ කියන හීන් හිතුවිල්ල හෙමින් හෙමින් මෝරා පීදෙන කෙසෙල් කැනක් වගේ උඩ ලියලන්න ගත්තා. අන්තිමට මටම බොරු කරලා වැඩක් නැති නිසා මම තීරණය කළා එහෙම කරන්න.
බොහොම බැරෑරුම් සහ වගකීම් සහගත වගේම සුපිරියටම ඉල්ලන් කන ජාතියේ තීරණයක් මම ඊට පස්සේ ගත්තේ.
(ඒ ගැන කියන්නම් මම දෙවැනි කොටසින්.......)
ප්‍රතිභානු වසන්තතිලක
26.06.2017
පොඩි කාලේ ඉඳලම අපේ ගෙදර වාහනයක් එක්ක බයික් එකකුත් තිබුනා වුනත් බයික් උණ මට වැලඳුනේ නෑ. පොඩි කාලෙම පොඩ්ඩ පොඩ්ඩ පදින්නත් ඉගෙන ගත්තත් මට උණ තිබුනේ රෝද හතරට ම තමයි.
ඔහෙන් මෙහෙන් ගිහින් මේ කොලු රත්නේ හෙමීට අප්පච්චිගේ කාර් එකට ආලවන්ත වෙලා දැන් හෙමීට කටවචනෙට ඔප්පු උස්සලා ලු. අප්පච්චිත් ආදරේට ඔහේ ඉන්නවලු... එයත් එසේමැයි.
මම පොඩිම කාලේ තිබුණු යමහා මෙට් බයික් එකෙන් පස්සේ එකදාස් නවසිය බරගනන් වල ඉඳල අද වෙනකම්ම අපේ ගෙදරට ගෙනාවේ හොන්ඩා බයික් තමයි. මොකක් හරි එකකට ඒ ඩී.එන්.ඒ. එක අප්පච්චිගේ නහරවලටත්, ජන්මෙන් පුතණ්ඩියා ටත් ආවා කියමුකෝ. මම ම පාවිච්චි කරපු මුල්ම බයික් එක වුනේ මගේ අම්මගේ හොන්ඩා සී50 ලිට්ල්කබ් එක. (ආ ඔව්, කොලු බයික් නොවුනත් අපේ අම්මාට ඉස්සර ඉඳන් හොඳට දුර බයික් පදින්න පුළුවන්) ඒක ලංකාවේ ගොඩක් අඩුවෙන් තියෙන බයික් එකක්. තැපැල් 90ය ට බොඩිකිට් එකක් දාල වගේ හුරුබුහුටි හුරතල් පෙනුමක් ඒකට තිබුනේ.
මගේ යාලුවන්ට, විශේෂයෙන්ම කෙල්ලන්ට හරිම ප්‍රශ්නයක් වුනා මම FZ, RTR, Pulsar වගේ කොලු බයික් එකක් නොගෙන පොඩි බෝට්ටුවක් වගේ මේකක් පදින එක. එත් මේකේ රහ දන්න මට ඒ කතා සත පහකට ගණන් වුනේ නෑ. හැබැයි අපේ රටේ ආගන්තුක මේ බයික් එක හැමතැනම කැපිල පෙනුනා. ජපන් බයික් වල ගුණ දන්න මිනිස්සු පාරේදී දැකලා "විකුනන්නේ නැද්ද මල්ලි?" යි අහපු වාර අනන්තයි. ගෙවල් ලගම මේවා සර්විස් කරන බයික් ඔස්තාර් කෙනෙකුත් හිටපු නිසා "සියල්ලෝ සතුටින් සිටියහ" වුනා.
මේ පුංචි කන්ථකයාට කණකොකා ඇඩුවේ දවසක් වෙච්ච අනතුරකින්. හෙන හැපියෙන් පාඩුවේ ගිය මගේ මුණට හදිස්සියේ අවාරේ අඹගෙඩියක් ඔලුවට වැටුන වගේ ගවයෙක් තව බයික් එකක් පැදගෙන ආවේ මට ඇපත් නැතිවෙන්න. වැරදි පැත්තෙන් ඇවිත් මිනිහ මගේ බයික් එකේ මූනෙම වදුනම බයික් දෙකම ඇඹරිලා මම කටුනායකට බාන ප්ලේන් එකක් වගේ උඩින් ගිහින් හොම්බෙන් හෑන්ඩ්බ්රේක් ගහල නැවතුනේ මහ පාරේ හතරගාතෙන්. ලොකු කතාව පොඩි කරලා කිව්වත් කියන්න තියෙන්නේ කොච්චර උත්සාහ කරත් ඉස්සරහ නැවිල ඇඹරිලා තිබුන ඒක ආපහු ඔරිජිනල් තත්වෙටම ගන්න බැරිවුනා කියන එකයි. සෑහෙන සාධාරණයක් අපි කරත් ඉස්සරට වඩා වෙනසක් අඩුවක් තිබුනා. වැඩියත්ම එහෙම තෙරෙද්දී පාවිච්චි කරන්න දුක නිසාම ඒපාර දුකින් වුනත් මම එක අවුරුදු 7කට පස්සේ විකුණුවා.
කාලේ දේසේ අලුත් නිසාම අපිත් අලුත් වෙන්න ඕනා කියලා ඒ පාර මම ගත්තා හොන්ඩා ඩියෝ 110 එකක්. ගත්තා කිව්වට අප්පච්චි මට බ්‍රෑන්ඩ්නිව් අරන් දුන්නේ මගේ උපන්දිනේට. යන්තම් රස්සාවක් පටන් අරන් මටම කීයක් හරි හොයාගන්න කාලේ, මගේ නමට රෙජිස්ටර් වුන, මම ලයිසන් ඉන්ෂුවරන්ස් ගෙවාගෙන දුවන නිසා ඒ බයික් එකත් එක්ක මට බොහොම ඉක්මනට මගේම සහෝදර හැඟීමක් ඇතිවුනා. නට් එකේ ඉදලා හෝදලා, පිහදාලා වැක්ස්සුත් කරලා මම ඒක මගේ කාර් එක වගේම රෙස්පෙක්ට් එකට තියාගත්තා. හැබැයි එහෙම වුනත් මම බයික් එකට කොච්චර ලවු වුනත් මගේ ජම්ම බැඳීම ඒත් තිබුනේ කාර් ඒකත් එක්ක. අනිත් එක ඒ ගානට තාරුණ්‍යයේ ජවය එන බයික් එකක් ගන්න පුළුවන් වුනත් අපි ස්කූටර් එකක් ගත්තේ මගේ අම්මටත් පදින්න එක්ක. ඒත් අවුරුද්දක් විතර යද්දී අම්මා කොහොමත් බයික් පදින එක නතර කළා. මමම විතරක් කාලයක් පාවිච්චි කරද්දී තමයි නොනවතින ඩ්‍රයිවින් උණ තියෙන මට මොකක්දෝ අඩුවක් දැනෙන්න ගත්තේ.
ඩියෝ එකේ මට නම් කියන්න කිසිම අවුලක් නැති වුනත් සුවපහසු වැඩි කමටම මට නිකම් කම්මැළි වගේ දැනුනා ඒක පදිද්දී. ක්ලච් ගියර් කිසි දෙයක් නැති නිසා. දැන් අම්මත් පදින්නේ නැති එකේ එහෙම බයික් එකක් ගන්නවදෝ කියන හීන් හිතුවිල්ල හෙමින් හෙමින් මෝරා පීදෙන කෙසෙල් කැනක් වගේ උඩ ලියලන්න ගත්තා. අන්තිමට මටම බොරු කරලා වැඩක් නැති නිසා මම තීරණය කළා එහෙම කරන්න.
බොහොම බැරෑරුම් සහ වගකීම් සහගත වගේම සුපිරියටම ඉල්ලන් කන ජාතියේ තීරණයක් මම ඊට පස්සේ ගත්තේ.
(ඒ ගැන කියන්නම් මම දෙවැනි කොටසින්.......)
ප්‍රතිභානු වසන්තතිලක
26.06.2017
Comments
Post a Comment